ඔඞ්ඩුසුඩාන්හිදී යුද උපකරණ තොගයක් සොයා ගැනිමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු මාන්කුලම් ප්රදේශයේදී අද (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පළා ගිය හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයෙකු බවයි පොලීසිය පැවසුවේ.
එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නිල ඇදුම්, කොඩි හා ක්ලේමෝ බෝම්බ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මුලතිව් ඔඞ්ඩුසුඩාන් මාර්ගයේදී ඉකුත් 22 වැනිදා අත්අඩංගුවට ගත්තා.
කිලෝ 15ක් බරැති ක්ලේමෝ බෝම්බයක් ඇතුලූ යුද උපකරණ තොගයක් මොවුන් මුලතිව් ඔඞ්ඩුසුඩාන් පෙරාරු මාර්ගයේ ති්රරෝද රථයකින් ප්රවාහනය කරමින් තිබුණා. තී්ර රෝද රථයේ තිබී ටී 56 උණ්ඩ 120 සහ දුරස්ථ පාලක 06ක්ද සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.
එහි තිබී එල්. ටී. ටී. ඊ. නිල ඇඳුම් කට්ටල 02ක්ද සොයා ගැනුණා. මෙම සිද්ධියට සම්බන්ධ තවත් 10 දෙනෙකු පිළිබඳව බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන් විවිධ ප්රදේශවල සැඟවී සිටින බවටයි අනාවරණ වී ඇත්තේ. යුද හමුදා බුද්ධි අංශ සහ ත්රස්ත විමර්ශන ඒකකය එක්ව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
--------------------------------------
පලා ගිය හිටපු LTTE සාමාජිකයා අල්ලා ගනී
(24-06-2018 11:24)
ඔඩ්ඩුසුඩාන් ප්රදේශයේදී යුද උපකරණ තොගයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළ පළා ගිය හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා මාන්කුලම් හීදි අත්අඩංගුවට පත්ව තිබෙනවා.
එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නිල ඇදුම්, කොඩි හා ක්ලේමෝ බෝම්බ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මුලතිව් ඔඞ්ඩුසුඩාන් මාර්ගයේදී ඉකුත් 22 වැනිදා අත්අඩංගුවට ගත්තා.
තී්රරෝද රථයකින් සැකකරුවන් පැමිණි තිබූ අතර එහිදී සැකකරුවන් තිදෙනෙකු අතරින් එක් සැකකරුවෙකු පළා ගොස් තිබුණා.
පළාගිය සැකකරු හා සඟවා ඇති භාණ්ඩ සොයා ඔඞ්ඩුසුඩාන් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා යුධ හමුදා නිළධාරීන් ඔඞ්ඩුසුඩාන් හා නෙඩුන්කේනි රක්ෂිත පුරා මෙහෙයුමක්ද ක්රියාත්මක කොට තිබුණා.