කෑම අලෙවිසැලකින් ඊයේ (23) රාත්‍රියේ මිළදී ගත් චිකන් කොත්තුවක ගෙබ්බෙක් සිටින බව දැනගත් කොත්තුව මිළදී ගත් කාන්තාවක් ගෙම්බා සිටි කොත්තුව සමඟ අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණ තිබෙනවා.
ඇය විසින් එහිදී මේ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය යූ.පී. මාලක සිල්වාට පැමිණිලි කර තිබෙනවා.
අදාළ කොත්තුව සමඟ අම්බලන්තොට මල්පෙත්තාව ආපන ශාලාවට පැමිණි අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය යූ.පී මාලක සිල්වා සහ අම්බලන්තොට කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.ජී නිශාන්ත සිද්ධිය සම්බන්ධව ආපන ශාලාවේ හිමිකාරිණියගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ආපනශාලා හිමිකාරීණිය 25 වැනිදා හම්බන්තොට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
චිකන් කොත්තුව සමඟ ගෙබ්බාගේ සිරුර කොටස්වලට කැඩී ඇති බව නිරීක්ෂණවලදී හෙළි වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය යූ.පී මාලක සිල්වා සඳහන් කළා.