මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඇමුුණුම් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ ජනාධිපති ලේකම්වරයා සිදු කළ ඉල්ලීමට පිළිතුරු ලෙස එම ලිපිය යොමු කළ බවයි.
ඇතැම් ඇමුණුම් ප්‍රසිද්ධ කිරීමෙන් විභාග වෙමින් ඇති අපරාධ නඩු සහ සිවිල් නඩුවලට බාධාවක් ඇතිවිය හැකි බවයි නීතිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.
කොමිෂන් සභා වාර්තාවට තුන්වන පාර්ශ්ව විසින් ඉදිරිපත් කර ඇති ලේඛණ පිළිබඳ වෙන්වෙන්ව නිර්දේශ ලබා ගත යුතුයි. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාලව සිදු කෙරෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලදී අනාවරණ වන කරුණු පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදු කරමින් ඇති බවයි නීතිපතිවරයා සිය ලිපියෙන් දන්වා ඇත්තේ.