එළඹෙන පොසොන් උත්සවය හේතුවෙන් අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ පාසල් කිහිපයක් හෙට (25) සිට දින හතරක් වසා තැබෙනවා.
ඒ අනුව අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, මහා බෝධිය විදුහල, මිහින්තලේ මහා විදුහල සහ තන්තිරිමලේ විමලඥාණ විද්‍යාලය යන පාසල් මෙලෙස වසා දැමෙනු ඇති.
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ රාජකාරී සඳහා පැමිණෙන ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නවාතැන් පහසුකම් සඳහා මෙම පාසල් වසා තැබීම ඊට හේතුවයි.
මේ අතර ලබන 28 සහ 29 යන දෙදින තවත් පාසල් කිහිපයක් වසා තැබෙන බවයි උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසුවේ. අනුරාධපුර, ස්වර්ණපාලී බාලිකා විද්‍යාලය, විවේකානන්ද මහා විදුහල, නිවන්තක චේතිය මහා විදුහල, කම්මලක්කුලම විදුහල, කුරුන්දන්කුලම මහා විදුහල, මිහින්තලේ මුස්ලිම් විද්‍යාලය සහ මිහින්තලේ ආදර්ශ ප්‍රාථමික පාසල එම දින දෙකේදී මෙලෙස වසා දැමෙනු ඇති.