Friday, September 20, 2024

General line - 0115112241

සිගරට් බණ්ඩලයේ පැකට් දෙකක සිගරට් අතුරුදහන් (PHOTOS)




ව්‍යාපාරිකයෙකු විසින් සිය හෝටලය සඳහා මිලදී ගත් දුම්වැටි බණ්ඩලයක පැකට් දෙකක් කඩා බැලීමේදී ඒ තුළ දුම්වැටි නොතිබීමේ සිද්ධියක් පන්නිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

දුම්වැටි ඒජන්සිකරුවෙකුගෙන් මෙලෙස දුම්වැටි පැකට් තොගයක් අදාළ ව්‍යාපාරිකයා හෝටලයක් සඳහා මිලදී ගෙන ඇති අතර එයින් දුම්වැටි පැකට් දෙකක දුම්වැටි වෙනුවට තිබී ඇත්තේ කඩදාසි කොල කිහිපයකි. මිලදී ගැනීමේදී දුම්වැටි පැකට් සියල්ල නියමිත පරිදි ඇසුරුම් කර තිබූ හෙයින් සැක නොසිතූ බවයි ව්‍යාපාරිකයා පවසා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අදාළ දුම්වැටි බෙදාහරින ඒජන්සිකරු වෙත දන්වා තිබෙනවා. කෙසේවෙතත් ඒජන්සිකරු පැමිණිලිලට කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි වාර්තා වුණේ.

ampara www.nethnews.lk00001 ampara www.nethnews.lk00002 ampara www.nethnews.lk00003