Sunday, January 26, 2025

General line - 0115112241

ධනංජයගේ පියා මරන්නට ඔත්තුව දුන් දුරකතනය ඇලකින් මතුවේ

කසුන් කැලුම්




දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු මන්ති‍්‍ර රංජන් ද සිල්වා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් භාවිත කළ ජංගම දුරකථනයක් රත්මලාන ප‍්‍රදේශයේ ඇළක තිබී අද සොයා ගෙන තිබෙනවා. ඝාතනය සිදු කිරීමට මෙම ජංගම දුරකථනය හරහා ඔත්තුව ලබා දී ඇති බවටයි සැක කෙරෙන්නේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් එක්ව කළ මෙහෙයුමකදි මෙම ජංගම දුරකථනය සොයා ගෙන තිබෙනවා.

කි‍්‍රකට් කි‍්‍රඩක ධනංජය ද සිල්වාගේ පියා වන රංජන් ද සිල්වා මෙලෙස ඝාතනයට ලක්වුයේ ඉකුත් මැයි මස 24වනදායි.