Saturday, May 4, 2024

General line - 0115112241

දෙවියන්ට අපහාස කළායි ජනපතිට චෝදනා

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




දෙවියන්ට අපහාස කළේ යැයි පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ට්ට එරට කි‍්‍රස්තියානි ප‍්‍රජාවගෙන් විරෝධතාවක් එල්ල වෙමින් තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ රූපවාහිනිය හරහා සිදු කළ ප‍්‍රකාශයකදී ජනාධිපතිවරයා කි‍්‍රස්තියානි ආගමට හා එහි ඉගැන්වීම්වලට මෙන්ම දෙවියන් වහන්සේට අපහාස සිදු කර ඇති බවයි.

මේ හේතුවෙන් පිලිපීනයේ කතෝලික වැසියන්ගෙන් ජනාධිපතිවරයාට විරෝධතා එල්ල වෙමින් ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ජනාධිපති කාර්යාලය පවසන්නේ ජනාධිපතිවරයා සිය පෞද්ගලික මතයක් ඉදිරිපත් කළ බවයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අපහාස කළ බවටද ජනාධිපති ඩුටර්ට් හට මීට පෙර චෝදනා එල්ල වුණා.