Saturday, May 4, 2024

General line - 0115112241

21 වන සියවසේ දීර්ඝතම චන්ද්‍ර ග්‍රහණය ජූලි මාසයේදී

දිනුක් හේවාවිතාරණ-විදෙස් පුවත් ඇසුරෙන්




21 වන සියවසේ සිදුවන දීර්ඝතම චන්ද්‍ර ග්‍රහණය නැරඹිමේ අවස්ථාව ලබන ජූලි 27 වැනිදා උදාවන බව space.com වෙබ් අඩවිය නිවේදනය කරනවා.

මෙම පුර්ණ රතු චන්ද්‍ර ග්‍රහණය පැය 1 විනාඩි 43 ක කාලයක් පවතිනු ඇති බවයි එම වෙබ් අඩවිය සදහන් කරන්නේ.

පියවි ඇසට දර්ශනය වන අතර මේ අවස්ථාවේදී චන්ද්‍රයාගේ පැහැය තද රතු හෝ දුඹුරු මිශ්‍ර රතු පැහැයක් ගනු ඇතැයි පැවසෙනවා.

මෙම පුර්ණ චන්ද්‍ර ග්‍රහණය අප්‍රිකාව, මැදපෙරදිග, මධ්‍යම ආසියාව සහ ඉන්දීය සාගර කළාපයට ආසන්නයේ පිහිටි රටවලට හොඳින් දර්ශනය වනු ඇති බව පවසනවා.

මීළඟ චන්ද්‍ර ග්‍රහණය 2019 වසරේ ජනවාරි 21 වෙනිදා සිදුවිමට නියමිතයී