Saturday, May 4, 2024

General line - 0115112241

ගල් ගුහාවක සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායම සොයා ඇරඹූ මෙහෙයුම්වලට වර්ෂාවෙන් බාධා (VIDEO)

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තායිලන්තයේ කඳු සහිත ප‍්‍රදේශයක ඇති ගල් ගුහාවක සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමක සාමාජිකයින් සොයා සිදු කරන මෙහෙයුම්වලට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. 12 දෙනෙකුගෙන් යුත් මෙම පිරිස ගුහාව ආශ‍්‍රිත ප‍්‍රදේශයට ගොස් ඇත්තේ සිය පාපන්දු පුහුණුකරු ද සමගයි.

වර්ෂාව හේතුවෙන් ගල් ගුහාව ආශ‍්‍රිත ප‍්‍රදේශය අඩි දහසයක් පමණ උසට ජලයෙන් යටවී තිබෙනවා. ගුහාවට ඇතුළුවීම සඳහා මාර්ගයක් හෝ සොයාගත නොහැකි වී ඇති අතර හමුදා සාමාජිකයින් ඇතුළුව මෙහෙයුමට එක්ව සිටින පිරිස දහසකට අධිකයි.