Friday, May 3, 2024

General line - 0115112241

වැඩිපුර ආහාර දුන්නාට වරදිකරුවූ හමුදා ප්‍රධානියෙක් කිම්ගේ නියෝගයෙන් වෙඩි තබා ඝාතනය කරයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




සිය හමුදා සෙබළුන් හට අමතර ආහාර සහ ඉන්ධන සැපයීමේ චෝදනාවට වැරදිකරු වූ උතුරු කොරියානු හමුදාවේ උසස් නිලධාරියෙක්ට ප්‍රසිද්ධියේ වෙඩි තබා ඝාතනය කරන ලෙස එරට නායක කිම් ජොංග් උන් නියෝග කර තිබෙන බවට NK Daily පුවත් පත වාර්තා කරනවා.

උතුරු කොරියානු යුධ හමුදාවේ ලුතිනන් ජෙනරාල්  Hyon Ju-song මෙලෙස හමුදා නිලධාරින් 09 දෙනෙක් ගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ හමුදා ප්‍රහාරක  කණ්ඩායමක් විසින් Kang Kon නම් හමුදා සංකීර්ණයේදී වෙඩි උණ්ඩ 90 ක් එල්ල කිරීමෙන් ඝාතනය කර තිබෙනවා.

තමන්ට හිමි බලය අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීම, පක්ෂයේ ප්‍රතිපත්ති කඩකිරීම ඇතුළු චෝදනා 03 ක් උසස් හමුදා නිලධාරියාට එරෙහිව ගොනු කළ චෝදනා වලින් ඔහු වැරදිකරු වී තිබෙනවා.

උතුරු කොරියාවේ චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරියා වශයෙන් ලුතිනන් ජෙනරාල්  Hyon Ju-song කටයුතු කර ඇති අතර එහිදී සිය සෙබළුන් සඳහා ඔහු දෛනික පරිභෝජනය සඳහා ලබාදිය යුතු ආහාර සහ ඉන්ධන සීමාව ඉක්මවා ලබාදී ඇත්තේ නායක කිම් ජොංග් උන් සිය ආයුධ වැඩපිලිවල ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයක් නැති බවට පවසමින් බවට වාර්තා වනවා.

ඔහුගේ මෙම ප්‍රකාශය උතුරු කොරියානු මධ්‍යම පක්ෂයේ පළමු ප්‍රතිපත්තිය කඩ කිරීමක් ලෙස හදුන්වා ඇති බවයි දකුණු කොරියානු පුවත් පත වාර්තා කර තිබෙන්නේ. 

ලුතිනන් ජෙනරාල්වරයාගේ අණදීම මත ඉන්ධන මෙට්ට්‍ර්ක් ටොන් 01ක්, සහල් කිලෝග්‍රෑම් 580 ක් සහ බඩ ඉරිගු කිලෝග්‍රෑම් 750 ක් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට ලබාදී ඇති බව වාර්තා වනවා.

මෙම සිදුවීම පිළිබඳව වාර්තා වීමත් සමග උතුරු කොරියානු නායකයා ඊට වගකිවයුතු හමුදා නිලධාරියාව වෙඩි තබා ඝාතනය කරන ලෙස උපදෙස් දුන් බවයි උතුරු කොරියාවෙන් ලද තහවුරු කර ගත් මුලාශ්‍ර වලින් තහවුරු වී ඇත්තේ.