Friday, December 27, 2024

General line - 0115112241

පොලිස්පතිවරයාගේ නියෝගයෙන් දිවයිනපුරා සෝදිසි මෙහෙයුමක්




දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් ඇතුළු විවිධ වැරදිවලට සම්බන්ධ 2322 දෙනෙකකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඒ අතරට වරෙන්තුකරුවන් 423 දෙනෙකු ද අයත්. 

විවිධ අපරාධ සම්බන්ධයෙන් 635 දෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීමත්ව රිය පදවා අත්අඩංගුවටපත් වූ පිරිස 650 දෙනෙක්. හෙරොයින්, වෙනත් මත්ද්‍රව්‍ය හා නීති විරෝධි මධ්‍යසාර ළඟ තබා ගෙන සිටි 531 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා. බලපත‍්‍ර නොමැතිව මත්පැන් ළඟ තබා ගැනීම හා ප‍්‍රසිද්ධ ස්ථානවල මත්පැන් පානය කිරීම මෙන්ම වෙනත් දුෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් තවත් 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලපත‍්‍ර නොමැති ගිනි අවි සමඟ පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. 

ඊයේ (26) රාත‍්‍රී 10 සිට 12 දක්වාත්, අද (27) අලූයම 03 සිට 05 දක්වාත් මෙම මෙහෙයුම දියත් කෙරුණා. ඊට එක්වූ පොලිස් නිලධාරීන් ගණන 14,070ක්. මාර්ග බාධක 1796ක් ද යොදා සිදු කළ මෙම මෙහෙයුමේ දී රථ වාහන නඩු 5254ක් ලබාගෙන තිබෙනවා. සෝදිසි කර ඇති වාහන සංඛ්‍යාව 29,090ක්. සෝදිසි කර ඇති පුද්ගලයින් ගණන 58,042ක්. පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම විශේෂ මෙහෙයුම දියත් කෙරුණා.