ලෝක සාම දර්ශකයේ ස්ථාන 05කින් ඉදිරියට පැමිණීමට ශ‍්‍රී ලංකාව සමත් වී තිබෙනවා. ප‍්‍රසාද ලකුණු 1.954 ක් සමග ශ‍්‍රී ලංකාව පසුවන්නේ 67 වන ස්ථානයේයි.
ලොවපුරා රටවල් 163ක් අධ්‍යයනය කර ලෝක සාම දර්ශකය, ආර්ථිකය හා සාමය පිළිබඳ ආයතන විසින් වාර්ෂිකව ප‍්‍රකාශයට පත්කරනු ලබනවා. ඊට සාමය පිළිබඳ ප‍්‍රවණතා, සාමයෙහි ආර්ථික වටිනාකම හා සාමකාමී සමාජ ගොඩනැගීම යන දත්ත පදනම් කර ගැනෙනවා. එමගින් ලෝක ජනගහනයෙන් සියයට 99.7ක් ආවරණය වීමද විශේෂත්වයක්.
දකුණු ආසියානු කලාපීය රටවල් අතරින් ශ‍්‍රී ලංකාව පසුවන්නේ දෙවන ස්ථානයේයි. භූතානය එහි පළමු ස්ථානයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් ලෝකයේ සාමකාමීත්වය සියයට බින්දුවයි දශම දෙකයි හතකින් පහත වැටී ඇතැයි 2018 ලෝක සාම දර්ශකයේ සඳහන්.
ඒ අනුව රටවල් 93ක සාමකාමීත්වය පහත වැටී තිබෙනවා. සාමකාමීත්වයෙහි වර්ධනයක් පෙන්නුම් කරන්නේ රටවල් 71ක පමණයි.
2008 සිට මේ දක්වා ලෝකයේ වඩාත්ම සාමකාමී රට බවට පත්ව ඇත්තේ අයිස්ලන්තයයි. නවසීලන්තය, ඔස්ටි‍්‍රයාව, පෘතුගාලය සහ ඩෙන්මාර්කය ද ඉදිරියෙන්ම සිටින රටවල්.
ලොව අඩුම සාමකාමී රට වන්නේ සිරියාවයි.