Friday, January 10, 2025

General line - 0115112241

තැපැල් කාර්යාල යළි ඇරෙයි - ලිපි බෙදීම නව ක්‍රමයකට

තරංග රුක්ෂාන්/ පසන් වික්‍රමතිලක




දින 16ක් පුරා වසා දමා තිබූ රට පුරා තැපැල් කාර්යාල අද (28) යළි විවෘත කර තිබෙනවා. ඒ, තැපැල් වෘත්තීය සමිති ක‍්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිකව අවසන් කිරීම හේතුවෙන්.

නෙත් නිවුස් වාර්තාකරුවන් අද උදෑසන කළ ක්ෂේත‍්‍ර චාරිකාවකදී අනාවරණ වුණේ තැපැල් කාර්යාලවල කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි සිදු වන බවයි. 

වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවාමරුව ඇතුළු තැපැල් කාර්යාවල ලිපි ලක්ෂ ගණනක් ගොඩගැසී තිබෙනවා. ඒවා බෙදා හැරීමේ කටයුතු ඊයේ රාත‍්‍රියේ සිටම ආරම්භ කළ බවයි තැපැල් වෘත්තීය සමිති පවසන්නේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ ලිපි බෙදා හැරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාවට නංවා ඇති බවයි. සැලකිය යුතු දින ගණනක් ඒ සඳහා ගතවනු ඇති බවත් ඔහු ප‍්‍රකාශ කළා. 

තැපැල් සේවකයින් පෙරේදා සිය වැඩ වර්ජනය අවසන් කළේ තාවකාලිකවයි. ඔවුන් ලබන 07 වැනිදා තෙක් තවදුරටත් අතිකාල සේවාවලින් ඉවත් වී සිටිනවා.