ඉකුත්දා ආණ්ඩුවෙන් ඉවත් වූ දහසයේ කණ්ඩායමේ මන්ත්‍රීවරු අද (28) පස්වරුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවීමට නියමිතව තිබෙනවා.
නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පස්වරු 04.00ට මෙම හමුව සිදුවන බවයි දහසයේ කණ්ඩායමේ නියෝජිත, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පැවසුවේ.
ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා කියා සිටියා.
දහසයේ කණ්ඩායම ඉකුත් දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මෙන්ම දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් ද හමුවී සාකච්ඡා පවත්වනු ලැබුවා.