Friday, January 10, 2025

General line - 0115112241

උතුරුමැද හිටපු මහ අැමතිට වන්දි ගෙවන්න වෙයි

ඩිල්ෂාන් මඩවල




අසාධාරණ ස්ථාන මාරුවක් ලබාදී විදුහල්පතිවරයෙකු වන කරුණාරත්න බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට වන්දි ගෙවන ලෙස උතුරුමැද හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) නියෝග කළා.

ගෙවීමට නියම වූ වන්දි මුදල රුපියල් දෙලක්ෂ පනස් දහසක්.  මෙම වන්දි මුදල සිය පෞද්ගලික වත්මක්වලින් ගෙවන ලෙසද හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයාට වැඩිදුරටත් නියම කෙරුණා.

ඊට අමතරව රජය විසින් ද පෙත්සම්කරුට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවිය යුතු බවයි මෙහිදී නියෝග කෙරුණේ. ස්ථාන මාරුව අවලංගු කර පෙත්සම්කාර විදුහල්පතිවරයා මුලින් සේවය කළ ස්ථානයේම යළි සේවයේ පිහිටුවන ලෙස ද නියෝග කෙරුණා.