පාතාලය මර්ධනය කිරිමට වුවද නිත්‍යනුකූල නොවන ක්‍රම භාවිතා කෙරෙන්නේ නම් එය අනුමත නොකරන බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ මෑතදී සිදුවූ පාතාල කි‍්‍රයාකාරකම් සහ පාතාල සාමාජකයින් කිහිප දෙනෙකු පොලිස් වෙඩි තැබීම්වලින් මියයෑම පිලිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය තමන්ට ලබා දුන්නේ නම් මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ පාතාලය මර්ධනය කළ හැකිව තිබූ බව ද සරත් ෆොන්සේකා අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
ෆීල්ඞ්මාර්ෂල් සරත් ෆොන්සේකා මේවනවිට කටයුතු කරන්නේ තිරසර සංවර්ධන, වනජීවි හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි.