Friday, January 10, 2025

General line - 0115112241

ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පහකගේ ගිණුම් පරීක්ෂාවට අධිකරණයෙන් අවසර




මිග් යානා ගනුදෙනුවට සැකසහිත ලෙස මැදිහත්වූ බව කියන ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 05 දෙනෙකු වාණිජ බැංකු 07ක  පවත්වාගෙන යන ගිණුම් 40ක් පරික්ෂා කිරිමටද අධිකරණය අද FCIDයට අවසර ලබා දුන්නා. 

එමෙන්ම මහ බැංකුව උදයංග වීරතුංගට අයත් බැංකු ගිණුම් තහනම් කිරීමෙන් දින 07කට පසු මෙරට වාණිජ බැංකුවක ඔහුගේ නමින් ඇති ගිණුමකින් රුපියල් තුන් කෝටි පනස් හත් ලක්ෂයක මුදලක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගිණුමක් වෙත යැවිමේ සිද්ධියක් පිළිබඳවද විමර්ශනයක් සිදු කරන ලෙසද මෙහිදී නියෝග කෙරුණා.

මිග් යානා ගනුදෙනුවට අදාළ නඩුවේ ඉදිරි කටයුතු ලබන අගෝස්තු මස 24වනදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙහිදී නියෝග කළා.