නෙත් එෆ්. එම්. බැලූම්ගල වැඩසටහනක් මගින් සිදු කළ අනාවරණයට අදාළව තොරතුරු ලබා දුන් තැනැත්තන්ගේ අනන්‍යතාව හෙළි කර ගැනිම සඳහා පොලීසිය අයථා බලපෑම් සිදු කරමින් ඇතැයි වාර්තා වනවා.
කොල්ලූපිටිය පොලීසිය ඊට පාදක කර ගෙන ඇත්තේ ලද පැමිණිල්ලක්.
ඒ අනුවයි පොලීසිය දිගින් දිගටම මෙලෙස තොරතුරු ලබා දුන් තැනැත්තන්ගේ අනන්‍යාතාව හෙළිකර ගැනීම සඳහා බලපෑම් සිදු කරමින් සිටින්නේ. ඒ හරහා කොල්ලූපිටිය පොලීසිය මාධ්‍ය අයිතීන් මෙන්ම ශ්‍රාවක අයිතීන්ද උල්ලංගණය වන අයුරින් කටයුතු කරමින් සිටින බවද වාර්තා වනවා.
සිය අනාවරණයන් සඳහා පාදක කර ගන්නා මූලාශ්‍ර හෙළි නොකිරීමේ මාධ්‍යවේදීන් සතු අයිතියටද මෙමගින් එල්ල වන්නේ දැඩි බලපෑමක්. මේ සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂවරයා, ජනමාධ්‍ය අමාත්‍යාංශය, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය හා නිදහස් මාධ්‍ය ව්‍යපාරය දැනුවත් කිරීමට නෙත් එෆ්. එම්. රේඩියෝව දැනටමත් කටයුතු කර අවසන්.
නෙත් එෆ්. එම්. රේඩියෝව සැමවිටම ශ්‍රාවක අයිතින් ආරක්ෂා කිරීමට කැපවී සිටින අතර මූලාශ්රවල රහසිගතභාවය ආරක්ෂා කරන බවද තහවුරු කර සිටිනවා.