Sunday, April 28, 2024

General line - 0115112241

එංගලන්තය සහ ක්‍රොඒෂියාව ප්‍රතිවාදීන් හඬවයි (VIDEOS)

කසුන් කැළුම් - අන්තර්ජාලය ඇසුරෙන්




2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය සහ ක්‍රොඒෂියාව සමත් වුණා.

එංගලන්තය ඊට සුදුසුකම් ලැබුවේ ඊයේ (07) රාති‍්‍රයේ පැවැති අර්ධ අවසන් පුර්ව තරගයේදි ස්විඩනය ගෝල 02 ට 00 ක් ලෙස පරාජය කරමින්. එංගලන්තය මෙලෙස ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසියේ වසර 28 කට පසුවයි.   

මේ අතර සත්කාරක රුසියාව පරාජය කරමින් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රොඒෂියාව අද (08) අලූයම සමත්වුණා. තරගයේ ජයග‍්‍රාහකයින් තීරණය කෙරුණේ දඬුවම් පහර මගින්. පළමු අර්ධයේ 31වන මිනිත්තුවේදී රුසියාව ගෝලයක් වාර්තා කරමින් ක්‍රොඒෂියාවට දැඩි පීඩනයක් එල්ල කළා. ක්‍රොඒෂියාව 39 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් පළමු අර්ධය 01 ට 01ක් ලෙස සම කිරීමට සමත්වුණා.

දෙවන අර්ධයේදී දෙපිළම ගෝල වාර්තා කිරීමට අසමත් වීම හේතුවෙන් ජයග‍්‍රාකයින් තේරීමට අමතර කාලයක් ලබා දුන්නා. එහිදී කි‍්‍රයාත්මක වූ ක්‍රොඒෂියාව ගෝලයක් වාර්තා කළ අතර රුසියාවද තවත් ගෝලයක් වාර්තා කරමින් තරගය 02 ට 02ක් ලෙස සම කළා. 

අනතුරුව ජයග‍්‍රාහකයින් තේරීම සඳහා දඬුවම් පහර කි‍්‍රයාත්මක වූ අතර එහිදි ගෝල 04 ට 03ක් ලෙස ජය ගත් ක්‍රොඒෂියාව මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ක්‍රෝඒෂියාව මෙලෙස ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසියේ වසර 20කටය පසුවයි. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන 10 සහ 11 වැනිදා පැවැත්වෙනවා. එහිදී පිළිවෙළින් ප‍්‍රංශය සහ බෙල්ජියමත්, ක්‍රොඒෂියාව සහ එංගලන්තයත් තරග වැදීමට නියමිතයි. 

(එංගලන්තය සහ ස්වීඩනය අතර තරගය මෙතැනින්)

(රුසියාව සහ ක්‍රොඒෂියාව අතර තරගය මෙතැනින් )