අද (09) පෙරවරුවේ කොළඹදී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයා මරණයට පත් ව ඇති බව වාර්තා වෙනවා.
ඒ ඔහුට වෙඩි වැදීමෙන් පසු රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
පිටකොටුව හෙට්ටිවීදියේ ආඬිවාල් වීදිය ආසන්නයේ අද (09) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
---------------------------------
කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකුට වෙඩි වදී
(09-07-2018 08:30)
පිටකොටුව හෙට්ටිවීදියේ ආඬිවාල් වීදිය ආසන්නයේ අද (09) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි තැබීම සිදුව ඇත්තේ පෙරවරු 07.45ට පමණයි.
එහිදී තුවාල ලබා ඇත්තේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයෙක්.
ඔහු ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
ක‍්‍රිෂ්ණපිල්ලේ කිරුබානන්දන් හෙවත් ක‍්‍රිෂ්ණා නමැති මෙම මන්ත‍්‍රීවරයා කොළඹ මහ නගර සභාවට තේරීපත්ව ඇත්තේ ස්වාධීන කණ්ඩායමකින්. පළතුරු අලෙවිසැලක හිමිකරුවෙකු වන ඔහුට වෙඩි තබා ඇත්තේ යතුරුපැදියකින් පැමිණි අයෙකු බවයි පොලිසිය පැවසුවේ.