Friday, September 20, 2024

General line - 0115112241

සා/පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි




2015 අ.පො.ස (සා/පෙළ) විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (25) දිනයේ නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පැවසුවා.

ඒ අනුව නැවත සමීක්ෂණය කරන ලද ප්‍රතිඵල www.doenets.lk හෝ results.exams.gov.lk යන රජයේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිවලින් ලබාගත හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

2015 වසරේ අයදුම්කළ විෂයන් අනුව අ.පො.ස (සා/පෙළ) විභාගයට අයදුම්කරුවන් 109096 ක් පෙනී සිට ඇති අතර එයින් ප්‍රතිඵල සංශෝධනය වී ඇත්තේ අයදුම්කරුවන් 1197 ක පමණයි.

නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරන ලද පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල අදාළ පාසල් වෙතද,පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් මගින් යොමුකරන බවද සඳහන්.

මේ සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වුවහොත් 0112 78 52 16/0112 78 40 37 යන  දුරකථන අංක ඔස්සේ විමසිය හැකියි. ක්ෂණික ඇමතුම් අංක 1911 හරහාද තොරතුරු ලබා ගත හැකියි.