Saturday, April 27, 2024

General line - 0115112241

ඊශ්‍රායාලයෙන් නොනවතින ගුවන් ප්‍රහාර මාලාවක් (VIDEOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් පලස්තීනයේ පිහිටි හමාස් සංවිධානයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කරන්නේ ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් හදුනාගත් හමාස් සංවිධානයේ ඉලක්ක 15 ක් වෙත මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල කළ කර ඇති බවයි.

ඊශ්‍රායල් ගුවන් හමුදාවේ ප්‍රහාර වලින් හමාස් සංවිධානයේ සටන්කරුවන් තිදෙනක් මියගොස් ඇති අතර ගාසා තිරයේදී එල්ලවූ ප්‍රහාරයකින් තවත් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයේ ඉලක්ක වෙත දැඩි ප්‍රහාර මාලාවක් දියත් කිරීමට හේතුව වී ඇත්තේ ඊයේ (20) දින ගාසා තිරයේ දේශසීමා ආරක්ෂාවේ යෙදී සිටි භට පිරිස් ඉලක්ක කර ගනිමින් එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් එක් ඊශ්‍රායල් හමුදා සෙබලෙක් මිය යාමෙන් අනතුරුවයි.

2014 වසරට පසු ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානය ඉලක්ක කර ගනිමින් එල්ල කළ දරුණුතම ප්‍රහාරය මෙය වනවා. 

ඉකුත් සති 17 පුරාවට පලස්තින ජනතාව විසින් ගාසා තිරයේ දේශසීමාව ආසන්නයේ සිය විරෝධතාවයන් සිදුකරන අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 130 දෙනෙක් මියගොස් තවත් 15,000 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කර සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල් හමුදාව සදහන් කරන්නේ හමාස් සංවිධානය වෙත දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරන බවයි.