Wednesday, December 25, 2024

General line - 0115112241

වලපනේ හිටපු සභාපතිට වසර 12ක සිර දඩුවමක්

රංජිත් රාජපක්ෂ - හැටන්




වලපනේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුට අද (23) බරපතල වැඩ සහිත වසර 12ක සිර දඩුවමක් සහ රුපියල් ලක්ෂ 105ක දඩ මුදලක් නියම කෙරුණා. 

ඒ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ජීප් රථයක් අවභාවිත කිරීම සහ ගිනි අවියක් බලපත‍්‍ර නොමැතිව ළඟ තබාගැනීම යන චෝදනාවලට ඔහු වරදකරු කරමින්. 

මෙම චෝදනාවලටම වරදකරු වූ වලපනේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු රියදුරෙකුට ද මෙහිදී දඩුවම් නියම කෙරුණා. නඩුව විභාග කෙරුණේ නුවරඑළිය මහාධිකරණයේදීයි.