Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දියාව අසරණ වෙයි : අධික උණුසුම ක්‍රිකට් තරගයක් නතර කරයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




එංගලන්තයට බලපා තිබෙන අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තමන් මුහුණ දීමට නියමිතව තිබු සිවු දින පුහුණු තරගය දින 03 කට සිමා කරන මෙන් ක්‍රිකට් බලධාරීන් ගෙන් කළ ඉල්ලීමට අවසර හිමිව තිබෙනවා.

ඒ අනුව එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම සමග ඊයේ (25) ආරම්භ වූ පුහුණු තරගය තුන්දින තරගයක් ලෙස පැවැත්වෙනු ඇති බව එසෙක්ස් ක්‍රීඩා සමාජය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා.

පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බවත් පෙර සැලසුම් කළ පරිදි සිවුවන දින තරගය නැරඹීමට ටිකට් පත් මිලදී ගත් ක්‍රීඩා ලෝලීන්ගේ මුදල් ආපසු ගෙවන   එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානියා සදහන් කර සිටිනවා.

සංචාරක ඉන්දීය කණ්ඩායම එංගලන්ත පිල සමග ටෙස්ට් තරග 05 ක් සදහා තරග කිරීමට නියමිත අතර එහි පළමු තරගය අගෝස්තු 01 වෙනිදා බර්මින්හැම් හිදී ආරම්භ වීමට නියමිතයි.

පවතින උණුසුම් සහිත කාලගුණ තත්ත්වය ටෙස්ට් තරගාවලිය පැවැත්වෙ තුලදීද පවතිනු ඇතැයි කාලගුණ දත්ත පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.