ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අද (27) ට යෙදී තිබෙනවා. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් අදවන් ඇසළ පොහෝ දිනයන්හි සිදුව ඇති බවයි ඒ පිළිබඳ කරුණු දක්වන කරන්දෙණිය, උණගස්වෙල සිරිනිවේසාරාමාධිපති පූජ්‍ය පිටිගල ධම්මවිනීත හිමියන් පවසන්නේ.
සිදුහත් බෝසතුන් මව්කුස පිළිසිඳ ගැනීම, ගිහි ගෙය හැරයාම, රාහුල කුමරුන්ගේ උපත, බුදුන් වහන්නේ මංගල ධර්ම දේශනාව පැවැත්වීම, අභිධර්මය දේශනා කිරීම සඳහා තව්තිසා දෙව්ලොවට වැඩමකිරීම, පාත්‍රා ධාතුව මෙරටට ලැබීම සහ දළදා පෙරහර ඇරඹීම ඇතුළු වැදගත් කරුණු රැසක් අදවන් ඇසළ පුන් පොහෝ දිනයන්හි සිදුව ඇතිබවයි උන්වහන්සේ පෙන්වා දේනනේ.
මේ අතර නෙත් එෆ් එම් රේඩියෝවේ ඇසළ පුර පෝදා ශ්වේත පූජා වැඩසටහන ගාල්ල බූස්ස කඳුරුපේ ශී‍්‍ර සුධර්මාරාම විහාරස්ථානයේ සිට අද දවස පුරා ක්‍රියාත්මක වනවා.
මේ අතර නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන කඨින මහා පුණ්‍යෝත්සවයේ වැසි සළු පූජා කිරීමේ පිංකමද අද සිදු කෙරෙනවා. ඒ, දෙකටන හැලූම්මහර බවුන්සෙත් සුව සෙවණේදීයි. මෙරට මාධ්‍ය ආයතනයක් සිදු කරන එකම කඨිණ මහා පිංකමද මෙය වනවා.