Sunday, May 5, 2024

General line - 0115112241

දඹූල්ලේදී ශ්‍රී ලංකාවට එල්ල වන අභියෝගය

කසුන් කැළුම්




සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරග 5 කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලිය ලබන 29 වනදා ආරම්භ වනවා. පළමු තරගය පැවැත්වෙන්නේ රංගිරි දඹුලු ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම කී‍්‍රඩාංගණයේ සහභාගි වූ අවසන් එක්දින කි‍්‍රකට් තරග 6 පරාජයට පත්වීම හේතුවෙන් ලබන ඉරිදා පැවැත්වෙන තරගය ශී‍්‍ර ලංකාවට අභියෝගයක් වනු ඇති බවයි කි‍්‍රකට් විචාරකයන් පවසන්නේ. ශී‍්‍ර ලංකා කණ්ඩායම 2014 වසරෙන් පසුව රංගිරි දඹුලූ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී එක්දින තරග ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට සමත් වී නැහැ.

කෙසේවෙතත් එම කී‍්‍රඩාංගණයේදී මීට පෙර දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරග දෙකම ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා පළමු එක්දින කි‍්‍රකට් තරගය දිවා තරගයක් ලෙස ලබන ඉරිදා රංගිරි දඹුලූ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.