පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව දිවයිනම ආවරණය වන පරිදි සිදු කෙරුණු පැය 11ක විශේෂ පොලිස් මෙහෙයුමකින් වරෙන්තුකරුවන් ඇතුළු සැකකරුවන් 3325 අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ ඊයේ (26) රාති‍්‍රයේ 09 සිට අද (27) උදෑසන 08 දක්වා එම මෙහෙයුම කි‍්‍රයාත්මක වූ බවයි.
එම මෙහෙයුමේදී රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන නඩු 5808ක් ලබා ගැනීමට ද හැකිවූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.