ආණ්ඩුව නිසි පරිදි ආර්ථිකය කළමනාකරණය කළේ නම් ණය ගෙවීමට යැයි පවසමින් හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ වැනි රාජ්‍ය සම්පත් විකිණීමේ අවශ්‍යතාවක් මතු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හම්බන්තොට ප‍්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
පළාත් සභා මැතිවරණ කල්යාමේ වගකීම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා භාර ගත යුතු බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප‍්‍රකාශ කළා.