Monday, May 6, 2024

General line - 0115112241

එක්දින තරගාවලියේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම අවතක්සේරුවට ගන්න බැහැ -මැතිව්ස්

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




එක්දින තරගාවලිය සඳහා එක්වන දකුණු අපි‍්‍රකානු කණ්ඩායම කිසිසේත් අවතක්සේරු කළ නොහැකි බව ශි‍්‍ර ලංකා කි‍්‍රකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

හෙට (29) පැවැත්වෙන පළමු එක්දින තරගය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳවද රන්ගිරි දඹුළු ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගනයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙලෙස අදහස් පළ කළා.


තරග 05කින් සමන්විත ශ‍්‍රී ලංකා - දකුණු අපි‍්‍රකා පළමු එක්දින කි‍්‍රකට් තරගය රන් ගිරි දඹුළු ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගනයේදි දිවා තරගයක් ලෙස හෙට පැවැත්වීමට නියමිතයි. තරගය උදෑසන 09:45ට ආරම්භ වනවා.