Sunday, May 5, 2024

General line - 0115112241

LPL වෙනුවට SLC T20 21දා ඇරඹෙයි

කසුන් කැලුම්




ලන්කන් පි‍්‍රමියර් ලීග් තරගාවලිය වෙනුවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පන්දුවාර විස්ස ලීග් කි‍්‍රකට් නමින් තරගාවලියක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එම තරගාවලිය ලබන 21 වැනිදා සිට සැප්තැම්බර් මස 02 වැනිදා දක්වා පැවැත්වෙන බවයි එම ආයතනය නිවේදනය කළේ. කණ්ඩායම් 4කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සදහා දේශීය කී‍්‍රඩකයින් පමණක් එක්වනවා.

කොළඹ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර වශයෙන් කණ්ඩායම් 4 මෙහිදී තරග වැදීමට නියමිතයි. මූලික වටයේදී එක් කණ්ඩායමක් තරග 6කට සහභාගි වීමට නියමිතව තිබෙනවා. එ් එක් කණ්ඩායමක් සමග තරග දෙක බැගින්.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පන්දුවාර විස්ස ලීග් කි‍්‍රකට් තරගාවලියේ තරග කොළඹ ආර් පේ‍්‍රමදාස, පල්ලේකැලේ සහ රංගිරි දඹුලූ යන කි‍්‍රඩාංගණවල පැවැත්විමට නියමිතයි. දිවා රාති‍්‍ර තරගද මෙම තරගාවලියට ඇතුළත්. අවසන් මහ තරගය ලබන සැප්තැම්බර් මස 2 වැනිදා කොළඹ ආර් පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා.