Saturday, May 4, 2024

General line - 0115112241

යූරියා කලවම් සීනි තොගයක් විකුණලා - සීනි කෑ අය වහාම රෝහල වෙත යන්න (PHOTOS)

දිනසේන රතුගමගේ/ මාධව කුලසූරිය




වවුනියාව රජයේ වෙළඳසැලක අළෙවි කළ සීනිවලට ‍යූරියා පොහොර කලවම්ව ඇති බව වවුනියාව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසනවා. වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසූවේ එම සීනිවලින් කිසියම් වෙනසක් පැවතීම සම්බන්ධයෙන් පාරිභොගිකයෙකු සිදුකළ පැමිණිල්ලක් මත වෙළඳසැල පරීක්ෂා කිරීමේදී විකිනීමට තිබු සීනි තුළ යූරියා පොහොර පවතින බවට ඊයේ (02) සවස අනාවරණය වු බවයි.

වවුනියාවේ එම වෙළඳසැලෙන් සීනි මිලදිගත් පිරිස් ‍වහාම අදාළ සීනි භාවිතයෙන් ඉවත් කරන ලෙසට වවුනියාව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඉල්ලා සිටිනවා. අදාළ සීනි රැගෙන ගිය පාරිභෝගික ජනතාව යුරියා මිශ්‍ර වි පවතින සීනි කුඩාදරුවන්ට හෝ වැඩිහිටියන්ට ලබාදී ඇත්නම් අදාල පිරිස් වහාම රෝහල්ගත වන ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලා සිටින්නේ.

අදාල  වෙළඳසැලේ සේවය කළ පුද්ගලයෙකු විසින් අදාල යූරියා පොහොර සිය පෞද්ගලික අවශ්‍යතාවයක් වෙනුවෙන් ගෙන ඇති අතර, භාණ්ඩ මිළදිගත් පුද්ගලයෙකු ලබා‍ගත් භාණ්ඩ රැගෙන යාමට උරයක් ඉල්ලා ඇත. එම අවස්ථාවේදී සතොස සේවකයෙකු පවසා ඇත්තේ ගබඩාවේ පවතින උරයක් ලබා‍ගන්නා ලෙසයි. එහිදි පොහොර උරයක අඩක් පැවති පොහොර තොගය සීනි යැයි සිතා සීනි පුරවා තැබු පෙට්ටියට අදාළ පුද්ගලයා හළා ඇති අතරල සතොස සේවකයෙකු ඊට උඩින් තවත් සීනි උරයක් හලා ඇති බව මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වි ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසුවා.

අදාළ සීනි පෙට්ටිය තුළ පැවති සීනි පොහොර සමඟ කලවම් කොට සතොස සේවකයින් කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව විකුණා ඇති බවදමහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කියා සිටිනවා. පාරිභෝගිකයින් පැමිණ චෝදනා කිරීම සම්බන්ධයෙන්  වෙළඳසැලේ සේවකයින් වවුනියාව පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකොට ඇති අතර, එහිදි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විස්තර අනාවරණය වු බවත්, අදාළ කාරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ මෙහෙයවන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසුවා.