Tuesday, April 30, 2024

General line - 0115112241

මන්ත්‍රී වැටුප් වැඩි කිරීම ගැන අවසන් තීන්දුවක් නැහැ




පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ මෙතෙක් කිිසිඳු අවසන් තීරණයක් ගෙන නොමැති බව කතානායක මාධ්‍ය අංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් කතානායක මාධ්‍ය අංශය පැවසුවේ මෙම වැටපු වැඩි කිරීම පිළිබඳ පළවන වාර්තා කෙරෙහි සිය අවදානය යොමුව ඇති බවයි.

 2006 වසරේ නොවැම්බර් මස 23 වන දින පාර්ලිමේන්තුවේදී සිදුවූ යෝජනා සම්මතයක් අනුව පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ගේ වැටුප් වැඩි කිරීම, 
උසස් අධිකරණ විනිසුරුවන්ගේ වැටුප් වැඩිවන අවස්ථාවන්හිදී ඊට සමාන්තරව සිදුවිය යුතුයි. 

ඒ අනුව ඉකුත් දා අධිකරණ ක්ෂේත‍්‍රයේ සිදුවූ වැටුප් වැඩිවීම පිළිබඳ සලකා බලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුපද ඒ අනුව ගැළපිය යුතු බවට පෙන්වා දී තිබෙනවා. ඒ පිළිබඳ තමන් වෙත ලැබී ඇති දැනුම්දීම් කතානායකවරයා විසින් අදාළ නිරික්ෂණ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කර ඇති බවයි කතානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. 

වැටුප් වැඩි කිරීම පිළිබඳ තීරණයකට එළඹීමේදී 2006 වසරේදී සම්මත වූ යෝජනාව අනුව කටයුතු කරන්නේද, නැතහොත් එය වෙනත් ආකාරයට කළ යුතුද යන්න පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී කරුණු විමසීමක් සිදු කිරීමට නියමිතයි. අනතුරුව පාර්ලිමේන්තු මහජන නියෝජිතයින්ගේ අදහස් ද විමසීමට හැකියාව ඇති බවයි කතානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.