Wednesday, May 1, 2024

General line - 0115112241

ධනංජයලාගේ වෙහෙස අපතේ යයි - දකුණු අප‍්‍රිකාව කලින්ම තරගාවලිය දිනයි

කසුන් කැළුමි/ තරංග රුක්ෂාන් ජයසේකර




ශ‍්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලිය කල්වේලා ඇතිවම ජය ගැනීමට දකුණු අප‍්‍රිකාව අද (05) සමත් වුණා. ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පැවති තුන්වන එක්දින තරගය ද අද ජය ගනිමින්. 

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 07ක් දැවී 363ක් රැස් කළා. පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකාවට පන්දුවාර 45.2කදී සියලූ දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 285ක් පමණයි. 

ධනංජය ද සිල්වා ලකුණු 84ක් රැස් කිරීමට සමත් වුණා. අකිල ධනංජය ලකුණු 37යි. ලකුණු 155කට කඩුලූ 06ක් බිඳ වැටී අසීරු තත්වයක සිටි ශ‍්‍රී ලංකා ඉණිම ගොඩනැගීමට ඔවුන් දෙදෙනා සමත් වුයේ හත්වන කඩුල්ලට ලකුණු 95ක සබඳතාවක් එක් කරමින්. 

තරගාවලියේ තවත් තරග 02ක් පැවැත්වීමට නියමිතයි. 

.........................................................................................................................................................

ශ්‍රී ලංකාව අසීරු අඩියක 

(05-08-2018 14:38)

ලකුණු 364ක ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ 0 වන කඩුල්ල ද 19 වන පන්දු වාරයේදී දැවී ගියා. දැවී ගිය පිතිකරුවා වූයේ කුසල් මෙන්ඩිස්. ඔහු රැස් කළේ ලකුණු 31ක් පමණයි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 10කටත්, උපුල් තරංග ලකුණු 19කටත්, කුසල් ජනිත් පෙර්රා ලකුණු 27කටත්, තිසර පෙරේරා ලකුණු 16 කටත් මීට පෙර දැවී ගියා. 

නොදැවී පන්දුවට පහරදෙන ධනංජය ද සිල්වා මෙතෙක් ලකුණු ලබා ගැනීම ආරම්භ කර නැති අතර නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 18ක් රැස්කර ගෙන සිටිනවා. ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 ක් අවසානයේ කඩුලූ 5ක් දැවී රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 126ක්. තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි.

 

...................................................................................................................................................

ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක් 

(05-08-2018 14:38)

පල්ලෙකැලේ ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය  සදහා ශ්‍රී ලංකාවට ලකුණු 364ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබෙනවා. 

මෙහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයකට ලක්වීම කැපී පෙනුණා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රීසා හෙන්ඩ්රික්ස් පන්දු 89කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 102ක්. ජේ.පි. ඩුමිනි පන්දු 70 කදී ලකුණු 92ක් රැස් කළා.

අකිල ධනංජය යැවු පන්දුවාර 10 දී ලකුණු 81ක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු පිතිකරුවන් සමත්වීම විශේෂත්වයක්. දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (05) රැස් කළ ලකුණු 363 පල්ලෙකැලේ ක්‍රිඩාංගනයේදී එක්දින තරගයක කණ්ඩායමක් රැස්  කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද වනවා.