Wednesday, May 1, 2024

General line - 0115112241

ස්මිත් ගෙන් ගිලිහිණු කිරුළ කෝලිට

දිනුක් හේවාවිතාරණ




ජාතයන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් වලට අනුව අංක 01 ස්ථානය හිමිකර ගැනීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත්ව තිබෙනවා. එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී විරාත් කෝලි ශතකයක් ද වාර්තා කරනු ලැබුවා.

වසරක තරග තහනමකට ලක්ව සිටින හිටපු නායක ස්ටීව් ස්මිත් මිට පෙර ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වල ඉහලින්ම සිටි පිතිකරුවා වුවා. ඔහු එම ස්ථානය පුරා මාස 32 ක කාලයක් තමන් යටතේ තබා ගෙන සිටීමට සම්ත්වුවා.

නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව විරාත් කෝලි හට ප්‍රසාධ ලකුණු 934ක් හිමිවී තිබෙන අතර දෙවන ස්ථානයේ පසුවන ස්ටිව් ස්මිත් හට හිමිවී තිබෙන ප්‍රසාධ ලකුණු ගණන 929ක්.

ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වල අංක 7 සහ 8 ස්ථානයන් පිළිවලින් දිමුත් කරුණානායක (754) සහ දිනේෂ් චන්දිමාල් (733) හිමිකර ගෙන සිටිනවා.