Wednesday, May 1, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා තරග සංචාරයෙන් ඉවතට

කසුන් කැළුම් - අන්තර්ජාලය ඇසුරෙන්




දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරග සංචාරයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ, ඔහුගේ උරහිසේ ආබාධය තවමත් පූර්ණ වශයෙන් සුව නොවීම හේතුවෙන්.

ඉකුත් ඉරිදා පල්ලෙකැලේ කි‍්‍රඩාංගනයේ පැවැති තුන්වන එක්දින තරගයේ පන්දු රකිමින් සිටියදී ෆෆ් ඩු ප්ලේසිස් මෙලෙස උරහිසේ ආබාධයකට ලක්වුණා. 

ඒ අනුව ශී‍්‍ර ලංකාව සමග ඉදිරියේදී පැවැත්වෙන එක්දින තරග 02 සහ පන්දු වාර 20 කි‍්‍රකට් තරගය ඔහුට අහිමි වනු ඇති. එම තරග සඳහා දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ නායකත්වය හෂීම් අම්ලාට හෝ ඒඞ්න් මාක්රම් හට පැවරෙනු ඇති බවයි වාර්තා වන්නේ. ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා සිව්වන එක් දින කි‍්‍රකට් තරගය දිවා රාති‍්‍ර තරගයක් ලෙස පල්ලෙකැලේ කි‍්‍රඩාංගනයේදී හෙට (08) පැවැත්වීමට නියමිතයි.