Wednesday, May 1, 2024

General line - 0115112241

නැගී එන දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට




ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සමග වන එක්දින තරග සංචාරය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් වීම විශේෂත්වයක්. එමෙන්ම එහි උප නායකත්වය සදහා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නම් කර තිබෙනවා.

මිට අමතරව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද සධීර සමරවික්‍රම, අසිත ප්‍රනාන්දු, දසුන් ශානක, බිනුර ප්‍රනාන්දු, අසේල් ගුණරත්න, ජෙෆ්රි වැන්ඩර්සේ, අමිල අපොන්සු සහ ෂෙහාන් මධුසංඛ මෙම නැගී එන කණ්ඩායම සදහා නම් කර තිබෙනවා.

කණ්ඩායමට නම් කර ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ ෂම්මු අශාන්, චරිත් අකලංක, කමිඳු මෙන්ඩිස්, නිශාන් පිරිස් සහ ජෙහාන් ඩැනියල් ය. 

15 දෙනෙකු ගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලැබූ ක්‍රීඩකයින් 10 දෙනෙක් ඇතුලත් කර තිබෙනවා.

එක්දින තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය හෙට (09) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර දෙවන තරගය අගෝස්තු 11 වනදා එම ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති.

අවසන් එක්දින තරගය අගෝස්තු 14 වනදා කොළඹ SSC පිටියේදී පැවැත්වීමට නියමිතයි.

සබැදි පුවත් :
කි‍්‍රකට් තේරීම් කමිටුවෙන් තවත් හාස්‍යජනක තේරීමක්