Wednesday, May 8, 2024

General line - 0115112241

වහලයේ සිටින කාන්තා රැඳවියන් ගැන අලුත්ම හෙළිදරව්වක්

නිශාන් ද සිල්වා




වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී උද්ඝෝෂණයක යෙදි සිටින කාන්තාවන් වැඩි දෙනෙකු ඊයේ (13) පස්වරුවේ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ. 

නඩු කටයුතු ඉක්මන් කර ඇප ලබා දෙන්නැයි ඉල්ලා සිටිමින් සහ තමන්ට පිටතින් ගෙන එන ආහාර සීමා කිරීමට එරෙහිව මෙම කාන්තා රැඳවූවන් පිරිස මෙලෙස උද්ඝෝෂණයේ යෙදී සිටිනවා.  

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු මත්ද්‍රව්‍ය චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නන්.


ප‍්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුද වැලිකඩ බන්ධානාගරයේ රඳවා සිටිනවා. කෙසේවෙතත් ඉදිරියේදී මෙම රැඳවූවන් බූස්ස බන්ධනාගාරයට ස්ථාන මාරු කිරීමට සැලසුම් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

ඒ සඳහා බූස්ස බන්ධානාගාරයේ ආරක්ෂිත කුටි ඉදිකිරීම දැනටමත් සිදු කෙරෙන බවද නෙත් නිවුස් කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබුණා.

(වීඩියෝව මෙතැනින් නරඹන්න)