Thursday, May 2, 2024

General line - 0115112241

නව වාර්තාවක් සමග දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 98කට දැවී යයි (UPDATE)

සමන්ත කුමාර




සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර 20 ක‍්‍රිකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙනවා. කාසියේ වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහරදෙන්නේ දකුණු අප‍්‍රිකානු කණ්ඩායමයි. 

පෙර පන්දුවාර 16.4ක් අවසානයේ දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ ලකුණු 98 කට සියළුම ක්‍රීඩකයින් දෙනා දැවී ගියා. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම විස්සයි 20 තරගයකදී වාර්තා කළ අඩුම සංඛ්‍යාව වනවා.

ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දකුණු අප‍්‍රිකානු මුල්පෙළ පිතිකරුවන්ට සාර්ථකවීමට අවස්ථාව හිමි වුණේ නැහැ. ආරම්භක පිතිකරුවන් වන හෂීම් අම්ලා ලකුණු නොලබා දැවී ගිය අතර ක්වින්ටන් ඞී කොක් ලකුණු 20කට දැවී ගියා. රීසා හෙන්ඩි‍්‍රක්ස් ලකුණු 19යි. ජේ පී ඩුමිනි දැවී ගියේ ලකුණු 03කටයි. 

පන්දු යැවීමේදී ලක්ෂාන් සදකැන් ලකුණු 19 කට කඩුලු 3ක් දවා ගනු ලැබුවා. අකිල ධනංජය සහ ධනංජය සිල්වා කඩුලු 2 ක බැගින් දවා ගනු ලැබුවා.

.............................................................................................................................

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් කඩුලු 3 දැවී යයි

(14-08-2018 19:30)

සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ, කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි. කාසියේ වාසිය හිමිකර ගත් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට තීරණය කළා. 

මේ වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 6ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 48ක් රැස්කර ගෙන සිටිනවා.

එක්දින තරගාවලියට ක‍්‍රීඩා නොකළ දිනේෂ් චන්දිමාල් අද (14) තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග අනාවරණ කළේ. 

දෙරට අතර අවසන් වරට පැවති පන්දුවාර 20 තරග පහෙන්, තුනක් ජයගත්තේ ශ‍්‍රී ලංකා කණ්ඩායමයි. අවසන් එක්දින තරග 02ද ජයගත් සිය කණ්ඩායම අද තරගයට ජයග‍්‍රාහී මානසිකත්වයකින් යුතුව මුහුණදෙන බව කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියා.