Saturday, May 4, 2024

General line - 0115112241

"රියදුරු බලපත්‍රයක් හිමි සියලුම වෘත්තිකයින්ට ඇරයුම්"

දිල්ශාන් තුෂාර




නව දඩ පත‍්‍රිකාවට විරෝධය පළ කරමින් අද (15) මධ්‍යම රාත‍්‍රියේ සිට සේවාවලින් ඉවත් වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය පවසනවා.

එහි සංවිධායක යු. කේ. කුමාරරත්න රේණුක පැවසුවේ රියදුරු බලපත‍්‍ර හිමි සියලූම වෘත්තිකයින්ගේ සහය ඒ සඳහා හිමිවනු ඇති බවයි. 

නව රථවාහන දඩ පත්‍ර සංශෝධනය තුළින් ගාස්තු ඉහළ දමා ඇත්තේ හිතුමතේ බවයි ඔහු පෙන්වා දෙන්නේ. පැරණි දඩ පත්‍ර ගාස්තුව යළි ක්‍රියාත්මක කර ගැනීම මෙහි අරමුණ බවද සඳහන් කළා.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ උසස් පෙළ විභාගය පැවැත්වෙන අවස්ථාවක වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීම සුදුසු නොවන බවයි. 

අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර පැවසුවේ සිය සංගමය ද මෙම වැඩ වර්ජනයට සහය ලබා නොදෙන බවයි.