Sunday, May 5, 2024

General line - 0115112241

ලොවපුරා වේගයෙන් ජනප්‍රියවන ක්‍රීඩාව චීනය තහනම් කරයි

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොවපුරා සිඝ‍්‍රයෙන් ජනපි‍්‍රය වෙමින් පවතින ‘‘ මූන්ස්ටර් හන්ටර් වර්ල්ඩ් ’’ පරිගණක වීඩියෝ කී‍්‍රඩාව තහනම් කිරිමට චීනය තීරණය කිරිමත් සමග ලොවපුරා දැඩි කතාබහක් මතුව තිබෙනවා. මානව හිමිකම් සංවිධාන පවසන්නේ මෙලෙස වීඩියෝ කි‍්‍රඩාවක් තහනම් කිරීම අනුමත කළ නොහැකි බවයි.

චීන බලධාරීන් පවසන්නේ ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම වීඩියෝ කී‍්‍රඩාව තහනම් කිරීමට පියවර ගත් බවයි. ඉකුත් 8 වනදා ලොවපුරා බෙදාහැරීම් ආරම්භ කළ ‘‘ මූන්ස්ටර් හන්ටර් වර්ල්ඩ් ’’ පරිගණක වීඩියෝ කී‍්‍රඩාව මිළදී ගැනීමට ඇණවුම් කර ඇති චීන ජාතිකයින් සංඛ්‍යාව මිලියනයකට අධිකයි. මෙම කී‍්‍රඩාව තුළින් ප‍්‍රචණ්ඩත්වය ඉස්මතු වන බවටද වාර්තා පළ වනවා.