Thursday, May 16, 2024

General line - 0115112241

රෝසිගේ වාසි යෝජනාවට පොහොට්ටුවේත් සහය

දිල්ශාන් තුෂාර




කොළඹ මහ නගර සභාවේ මන්ති‍්‍ර වැටුප වැඩි කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණද සහාය පළ කරනවා. නගරාධිපති රෝසි සේනානායක පැවසුවේ මන්ති‍්‍ර වැටුප ආසන්න වශයෙන් රුපියල් 25,000කින් වැඩි කිරීමට යෝජනාවක් ඉදිරිපත් කළ බවයි. 

කොළඹ නගර සභාවේ මුලූ මන්ති‍්‍රවරුන් ගණන 119ක්. ඒ අනුව යෝජිත වැටුප් වැඩිකිරීම සිදු කළ හොත් ඒ වෙනුවෙන් මාසිකව දැරීමට සිදුවන අතිරේක වැය බර රුපියල් ලක්ෂ 30කට ආසන්නයි.