‘ප්‍රීමා සිලෝන් සමාගම සිය 40 වන සංවත්සරය නිමිත්තෙන් Singapore Management University සමග එක්වී ‘ප්‍රීමා සිලෝන් ශිෂ්‍යත්ව වැඩසටහන’ ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව Singapore Management University හි ඉගනුම ලබන සිසු සිසුවියන් ගෙන් මුල්‍ය සහයක් අවශ්‍ය ශ්‍රී ලාංකික සිසුන්ට එම අවස්ථාව උදාකර දීමට සුදානම් බවයි ප්‍රීමා සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ප්රීමස් චෙන්ග් සදහන් කර සිටින්නේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රීමා සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ප්‍රිමස් චෙන්ග් කියා සිටියේ Singapore Management University හි ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ඩොලර් මිලියන 2 ක ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කිරීමට ප්‍රීමා සමාගම කටයුතු කළ බවත් එයට සිංගප්පුරු රජයෙන් ලැබෙන දායකත්වයත් සමග එම අරමුදල ඩොලර් මිලියන 3 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.
ඒ අනුව අධ්‍යාපන දක්ෂතා සහ විෂය බාහිර ක්‍රියාකාරකම් ආදිය ඉහළ මට්ටමින් පවත්වාගෙන යා යුතුය යන කොන්දේසිය මත, එක් සිසුවෙකු හෝ සිසුවියක සඳහා වසර 4 ක අධ්‍යයන කාලයක් වෙනුවෙන් ඩොලර් 90,000 ක මුදලක් මේ යටතේ පිරිනැමෙන බවත් අනාගතයේදී අදාළ සිසුන්ට ප්‍රීමා සමාගම තුළ පුහුණු හෝ වෘත්තීය අවස්ථා හිමිවීමට ඉඩ ඇති බව එම සමාගම සදහන් කර සිටියේ.
2019 - 20 අධ්‍යයන වර්ෂයේ සිට, අත්වැලක් අවශ්‍ය එක් සිසුවෙකුට හෝ සිසුවියකට තම වාර්ෂික පාඨමාලා ගාස්තු සහ අධ්‍යාපන වියදම් සඳහා මෙම ශිෂ්‍යත්වය පිරිනැමෙනු ඇත.
‘ප්‍රීමා සිලෝන් ශිෂ්‍යත්ව වැඩසටහන සම්බන්ධ වැඩි විස්තර සඳහා පහත ලිපිනයෙන් විමසන්න.
Mr. Renton Yap
Associate Director, Office of Advancement, Singapore Management University
ඊමේල්: [email protected]