දෙවරක් ජනාධිපති ධුරය හොබවාත් මහින්ද රාජපක්ෂ මහතා ඉටු නොකළ දේ නැවත වරක් ජනාධිපති ධුරයට පත්ව ඉටු කරාවි යැයි අපේක්ෂා කළ නොහැකි බව අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
අමාත්‍ය දුමින්ද දිසානායක එම අදහස් පළ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපතිවරණයකට තරග කිරීමට නීතිමය බාධාවක් නොමැති බවට කෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.