Wednesday, January 15, 2025

General line - 0115112241

හිටපු ජනපතිගේ ප්‍රකාශය අධිකරණයට භාර දෙයි

ඩිල්ෂාන් මඩවල




මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලබාගත් ප‍්‍රකාශය අද (20) ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ඒ, ඊට අදාළ නඩුව එම අධිකරණයේ දී අද කැඳවූ අවස්ථාවේදීයි.

මාධ්‍යවේදී කීත් නොයාර්ගෙන් ලබාගත් ප‍්‍රකාශයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණය වෙත ඉදිරිපත් කළා. රජයේ නීතිඥවරයා කියා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ බව කියන දොම්පේ බදුවත්ත ප‍්‍රදේශයේ නිවසක් සම්බන්ධයෙන් වත්මන් ආරක්ෂක ලේකම්වරයාගෙන් තොරතුරු ලබාගත යුතු බවයි. ඒ සඳහා අවසර ලබාදෙන්නැයි අධිකරණයෙන් ඉල්ලීමක් ද කෙරුණා.