Saturday, May 4, 2024

General line - 0115112241

වසර 40කට පසු ශී‍්‍ර ලංකාවට හොකී ජයක්

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




ආසියානු කී‍්‍රඩා උලෙලක  වසර 40කට පසු හොංකොං පිරිමි හොකී කණ්ඩායම පරාජයට කිරීමට ශී‍්‍ර ලංකා පිරිමි හොකී කණ්ඩායම අද (24) සමත්වුණා. ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවති එම තරගය ඔවුන් ජය ගත්තේ ගෝල 4-1 ක් ලෙසයි.  ශී‍්‍ර  ලංකාවට අවසන්  වරට හොංකොං හොකී කණ්ඩායම පරාජය කර තිබුණේ 1978 වසරේදීයි.

මෙවර ආසියානු කි‍්‍රඩා උළෙලේ ඒ කාණ්ඩයෙන් පිරිමි හොකී තරගවලට එක්වන ශී‍්‍ර ලංකාව මේවන විට තරග 3කට සහභාගි වී ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණයි. ශී‍්‍ර ලංකා හොකී කණ්ඩායම සහභාගි වන තවත් තරගයන ලබන 26 වැනිදා සත්කාරක ඉන්දුනීසියානු හොකී කණ්ඩායම එරෙහිව තරග වැදීමට නියමිතයි.