Thursday, January 16, 2025

General line - 0115112241

අගමැති රනිල්ට බංග්ලාදේශයෙන් ඇරයුමක්




බංග්ලාදේශයේ සංචාරයකට සහභාගී වන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට නිල ආරාධනාවක් ලැබී තිබෙනවා. එරට සැලසුම් අමාත්‍ය ඒ එච් එම් මුස්තාෆා කමල්, බංග්ලාදේශ අග‍්‍රාමාත්‍ය ශෙයික් හසීනාගේ නිල ආරාධනය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇති බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. 

වියට්නාමයේ සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ සැලසුම් අමාත්‍යවරයා අතර අද පැවැති හමුවකදී මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා. දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම හමුවේදී ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයා සහ බංග්ලාදේශ සැලසුම් අමාත්‍යවරයා සාකච්ඡුා පවත්වා ඇති බවද අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.