පළාත් සභා සීමානිර්ණ කමිටු වාර්තාව ආණ්ඩුව විසින්ම පරාජය කළේ පළාත් සභා මැතිවරණ කල් දැමීමේ අරමුණින් බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි කාන්තා සංවිධාන නියෝජිතයින්ගේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලමේන්තු මන්තී‍්‍ර පවිත්‍රා වන්නිආරච්චි මේ බව කියා සිටියා.
ආණ්ඩුව කිව්වා අලුත් ක්‍රමයකට මැතිවරණය තියන්න කියලා. අලුත් ක්‍රමයක් කියලා පළාත් සභා මැතිවරණය කල් තිබ්බා. පනතකින් පාර්ලිමේන්තුවට ගෙනාපුවම ජන්දෙදි පනත ගෙනාපු ඇමතිවරයා ඇතුළු මුළු ආණ්ඩුවම ඊට විරුද්ධව ජන්දය දෙනවා. ආණ්ඩුවේ තියෙන උපක්‍රමය තමයි ආණ්ඩුව දන්නවා මුළු රටේම ජන්දය තිබ්බොත් ආණ්ඩුව පරාදයි කියලා. අගමැතිවරයාගේ පක්ෂය වගේම ජනාධිපතිගේ පක්ෂයත් පරාජයි. ඒක නිසා ආණ්ඩුව කල්පනා කළා පළාත් සභා ජන්දය කල් දාන්නේ කොහොමද කියලා? තවදුරටත් පළාත් සභා කල් දාන්න කියලා තමයි අවසානයේදී ආණ්ඩුව සීමානිර්ණ වාර්තාව පරාජය කලේ. බලයට එන විට කියු ප්රජාතන්ත්රවාදය දැන් කෝ? ඒ නිසා මෙයට විරුද්ධව සියලුම කාන්තාවන් සැප්තැම්බර් 05 වෙනිදා කොළඹට එන්න කියලා අපි ආරාධනා කරනවා යනුවෙන් මන්ත්‍රිවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඒකාබද්ධ විපක්ෂය ලබන 05වනදා කොළඹදී පවත්වන විරෝධතාවට ආණ්ඩුව පිළිබඳ කලකිරීමෙන් පසුවන එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් එක්වන්නේදැයි මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්ණ කළා. ඊට පාර්ලිමේන්තු මන්ති‍්‍ර පවිත්‍රා වන්නිආරච්චි ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක්ද එළඹෙන 05වනදා කොළඹදී පැවැත්වෙන ආණ්ඩුවට එරෙහි විරෝධතාවට එක් කර ගන්නා බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. මාධ්‍ය හමුවට එක්වූ පවිත්‍රා වන්නිආරච්චි සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වූවා.