Tuesday, April 30, 2024

General line - 0115112241

දඩ පති‍්‍රකාවේ වෙනසක් ගැන බස් හිමියන් තවත් බලාපොරොත්තුවක

මහේෂ් චතුරංග




නව දඩ පති‍්‍රකාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ තමන් ඉදිරිපත් කළ පැමිණිල්ල එළඹෙන සැප්තැම්බර් මස 03 වැනිදා විභාගයට ගැනීමට නියමිත බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ සිය ගැටලූවලට එහිදී විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. 

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය මිට පෙර ප‍්‍රකාශ කළේ බස් රථ සේවකයින් මුහුණදෙන ගැටළු විසඳීමට බස් හිමියන්ට ලබන 15 වැනිදා දක්වා කල් ලබාදෙන බවයි.

ඒ සම්බන්ධයෙන්ද නෙත් නිවුස් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් කරුණු විමසීමක් කළා.

එහිදී බස් හිමියන්ට තිබෙන ගැටලු පිළිබඳවත් හොඳ අවබෝධයක් සිය සංගමයට ඇති බවත් ඒ අනුව ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් සඳහන් කළා.