Tuesday, April 30, 2024

General line - 0115112241

"දේශපාලකයින් විශ්වාස කරන්න අමාරුයි..බොහෝ අයට කලකිරීම් තියෙනවා නේ"

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න/දිල්ශාන් තුෂාර




යම් අයෙකු ආණ්ඩුවෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට ඉඩ ඇති බවත් එසේ වන්නේ නම් ඒ පෞද්ගලික ප‍්‍රශ්ණ මත බවත් පොදු ප‍්‍රශ්ණ සැලකීමේදී කිසිවෙකුටත් ඒකාබද්ධ විපක්ෂය හා එක්විය නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පෙන්වා දෙනවා.

එළඹෙන 05 වැනිදා ආණ්ඩුවට එරෙහි කොළඹදී පැවැත්වෙන විරෝධතාවට එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් එක්වන බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර පවිත‍්‍රා වන්නිආරච්චි සිදු කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මේ බව කියා සිටියා.

එහිදී "එක්සත් ජාතික පක්ෂයේ අපි පොදු විපක්ෂයේ දූෂණ.. වංචා..සොරකම්..මිනීමැරුම් තියෙනවයි කියලා තමයි බලය ගත්තේ. මම හිතන්නේ නෑ ලැජ්ජාවක් ඇතුව වේදිකාවකට නගින්න පුළුවන්ද කියලා. හැබැයි ඉතින් දේශපාලනඥයෝ කියන අයව විශ්වාස කරන්න අමාරුයි. බොහෝ අයට කලකිරීම් තියෙනවා නේ.. හැමෝටම තියෙන්නේ පෞද්ගලික ප්‍රශ්න නේ. මේ ආණ්ඩුවෙන් යමක් කරගන්න බැරි වුණ අය කළකිරෙනවා. අඩුපාඩු නැත්තෙත් නෑ." යනුවෙන් සඳහන් කළා.

ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් පළාත් පාලන ආයතනවලට තේරීපත්ව සිටින සභිකයින් පිරිසක් මෙම විරෝධතාවට එක්කර ගැනීම සඳහාද වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පවිත‍්‍රා වන්නිආරච්චි ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළා.