Tuesday, April 30, 2024

General line - 0115112241

දෑත් බැඳ ගලක් ගැටගසා වතුර වලක ගිල්වා තිබූ මළ සිරුර ගොඩ ගනී

සුපෙම් මානගේ/පාලිත ආරියවංශ




දෑත් බැද කොන්ද ප්‍රදේශයේ ගලක් ගැටගසා වතුර වලක ගිල්වා ඝාතනය කර තිබූ  පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මීගහකිවුල ලොග්ගල්ලාඔයේ මීගොල්ල පාලම අසල වතුර වලකදී ඊයේ (27) සොයා ගනු ලැබූ මෙම මළ සිරුර සැක කටයුතු මරණයක් ලෙස සලකා විමර්ශන සිදුකරන බව කන්දකැටිය පොලිසිය පවසනවා.

මෙසේ මරණයට පත්ව තිබුනේ මීගොල්ල මොරහෙල පදිංචිව සිටි ඩී.එම්. සුදුබණ්ඩා නැමැති 31 හැවිරිදි පුද්ගලයෙක්. 

ඔහු බිරියගෙන් දික්කසාද වී හුදකලාව ජීවත්වු අයෙක් බව පොලිස් විමර්ශවලදී අනාවරණය වී තිබෙනවා. 

ඉකුත් 22 දා සිට ඔහු අතුරුදන්ව සිටි බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබු අතර පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී මළ සිරුර හමුවී තිබුණා. 

මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (28) පැවැත්වීමට නියමිතයි.